Blog
තීන්ත ආලේපයට පෙර පෘෂ්ඨ සකස් කිරීම - 02 කොටස.
දැව පෘෂ්ඨ
දැව පෘෂ්ඨ ප්‍රධාන වශයෙන් කොටස් 2ක්ට වෙන කල හැක. ඒ
ස්වභාවයෙන්ම වටිනා දැව හා සුදු දැව ලෙසයි. දැව සඳහා වාර්නිෂ් කිරීම, පොලිෂ් කිරීම හෝ එනැමල් ආලේප කල හැක. වටිනා දැව පෘෂ්ඨයක් නම් එහි ස්වභාවික වර්ණය හා වයිරම ප්‍රයෝජනයට ගත හැක.
නමුත් සුදු දැව වර්ණ ගැන්වීමේදී එයට ස්ව්භාවික පෙනුමක් ලබා දීමට එය වර්ණ ගන්වනු ලැබේ.
දැව පෘෂ්ඨයක් වර්ණ ගන්වා ගැනීමේ පියවර
1. දැව කැබැල්ල ම්ට්ටම් කරගැනීම
2. ඉන් පසු දැව පෘෂ්ඨයට සීලර් තට්ටුවක් ආලේප කරන්න.
3.සිනිඳු මදින කඩදාසියකින් ම්ට්ට්ම් කර අදාල වර්ණක ආලේප කිරීම.
4. ඉන් පසු නැවත පෘෂ්ඨයේ සීලර් තට්ටුවක් ආලේප කරන්න.
5. නැවත සිනිඳු මදින කඩදාසියකින් ම්ට්ටම් කර වාර්නිෂ් ආලේප 1ක් හෝ 2ක් අලේප කරන්න.
දැව පෘෂ්ඨයක් මත එනැම්ල් ආලේප කිරීමේ පියවර
1. අදාල දැවය පිරව්ම් ද්‍රව්‍ය යොදා මට්ටම් කරගන්න.
2. ඇලුමිනියම් සිල්වර් ආලේපනයක් ආලේප කරන්න.
3. ඉන් පසු එනැමල් ආලේප 1ක් හෝ 2ක් ආලේප කිරීම.
මේ ආකාරයට දැව පෘෂ්ඨයක් මත නිවැරදිව වර්ණ ආලේප කර දිගු කාලයක් පවත්වා ගත හැක.
ඔබේ දරුවාගේ Room එක Paint කරන හොඳම ආකාරය
හැම දෙමව්පියෙක්ම ආසයි තමන්ගේ පුංචි ලමයින්ව සතුටින් තියන්න. ඉතින් පුංචි ලමයි සතුටින් තියන්න පුළුවන් හොඳම විදියක් තමයි ගෙදර එයාලගේ කමරය ලස්සනට පාට කරල දෙන එක.
01. මුලින්ම කාමරයට හොඳ Theme එකක් තීරණය කරගන්න. ඔබේ දරුවන් කැමතිම දෙයක් තේමාව කරගන්න. ගස් වැල්, මුහුද, අහස, සත්තු එහෙමත් නැති නම් ඔවුන් ආසම කරන චරිතයක් ඔබේ තේමාවට එකතු කරගන්න. සැම විටම ඔබේ තේමාව දරුවන්ගේ ආසාවල් වලට අනුව සකස් කරගන්න.
02. දරුවන්ට ගැලපෙන වර්ණ තෝරා ගන්න.
කාමරයට ආලේප කරන වර්ණ බෙහෙවින්ම වැදගත්. කුඩා දරුවන්ගේ මනසට, සිතුවිලි වලට වර්ණ බෙහෙවින්ම බලපානවා.
කොළ වර්ණය : ස්වභාවදර්මයේ වර්ණය වන කොළ වර්ණය සිතට සැහැල්ලුවක් හා නිදහස් බවක් ඇති කරයි.
නිල් වර්ණය : අහස, මුහුද හා බැඳුන වර්ණයක් තමයි නිල් වර්ණය. තැම්පත් සිතුවිලි ඇතිවීමටත් නිදහස් මනසක් ඇති කරගැනීමටත් නිල් වර්ණය බෙහෙවින් වැදගත්.
රතු වර්ණය : රතු ටිකක් ඇසට තද වර්ණයක්, කෙසේ නමුත් රතු වර්ණය කාමරයට තද එලියක් ලබා දෙනවා.
කහ වර්ණය : කාමරයක් එලිය කර ගැනීමට හොඳම වර්ණයක් තම්යි කහ ව්ර්‍ණය.
සුදු වර්ණය : නිදහස, නිස්කලංක බව හා පිරිසිදු බාවය ගෙන දෙන ව්ර්‍ණයක් තම්යි සුදු වර්ණය. නිස්කලංක බවින් හා ආලෝකයෙන් පිරුණු කාමරයක් සඳහා සුදු වර්ණය ඉතාම වැදගත්.
03. තීන්ත ආලේපය සඳහා කාමරයේ බිත්ති හොඳින් පිරිසිදු කොට කඩතොලු මකා හොඳින් මට්ටම් කර තීන්ත පටලය බිත්තිය සමග හොඳින් සම්බන්ද වීමට යටි ආලේපනයක් ආලේප කරන්න.
04. තීන්ත තොරා ගැනීමේදී කුඩා දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හිතරකර වර්ණ තෝරා ගන්න. (VOC Free, Led Free , Eco Friendly Paints)
05. තීන්ත ආලේප කර අවසන් වූ පසු කාමරය හොඳින් පිරිසිදු කරන්න. තීන්ත මිශ්‍ර කිරීමට ගෙන ආ වෙනත් ද්‍රව් වර්ග, තීන්ත කුඩා දරුවන්ගෙන් ඈත් කර තබන්න.
තීන්ත ආලේපයට පෙර පෘෂ්ඨ සකස් කිරීම - 01 කොටස.
කපරාරු පෘෂ්ඨ
තීන්ත ආලේපයට පේර තීන්ත ආලේප කරන පෘෂ්ඨය සකස් කිරීම ඉතාමත් වැදගත්. තීන්ත හොඳින් පෘෂ්ඨයට සවි වීමටත් , දිගුකල් තීන්ත රඳා පැවතීමටත් මෙය ඉතාමත්ම වැදගත්. අද අපි බලමු කපරාරු පෘෂ්ඨයක් තීන්ත ආලේපයට පෙර සකස් කරගන්නා අන්දම.
01. පළමුව පෘෂ්ඨය හොඳින් පුරවා කඩතොලු, වලවල් මකා මට්ටම් කරගත යුතුය. මේ සඳහා පිරවුම් ද්‍රව්‍යයක් භාවිතා කල හැකිය.
02. එම මට්ටම් කල පෘෂ්ඨය කුණු හා දූවිලි නැති වන පරිදි සෝදා හොඳින් පිරිසිදු කර හොඳින් වියලීමට හරින්න.
03. ඉන් පසු තීන්ත ආලේප කරන පෘෂ්ඨයට වෝල්ෆිලර් එක් වරක් හෝ දෙවරක් යටි ආලේපය ලෙස ආලේප කරන්න. මේම ආලේපය තීන්ත හොඳින් පෘෂ්ඨයට සවී වීමට උපකාරී වේ.
04. යටි ආලේපය හොඳින් වියලීමට හැර පෘෂ්ඨය මත තීන්ත එක් වරක් ආලේප කරන්න.
05. ඉන් පසු පෘෂ්ඨය වියළීමට හැර, පෘෂ්ඨයේ අසමානතා දිස් වේ නම් එම ස්ථාන වල නැවත වරක් පිරවුම් ද්‍රවය ආලේප කර මට්ට්ම සකස් කර වියලීමට හැර නැවත එම ස්ථාන වල පමණක් තීන්ත ආලේප කරන්න.
තීන්ත ආලේපනයෙන් පසු මෙම දෝෂ දක්නට තිබේද ?
තීන්ත ආලේපනයෙන් පසු මෙම දෝෂ දක්නට තිබේද ?
1. තීන්ත පාරවල් හා බුරුසු පාරවල් තිබීම.
අවශ්‍ය ප්‍රමාණයට වඩා දියාරු කල තීන්ත ආලේප කිරීමෙන් මෙය ඇතිවිය හැක. මීට අමතරව තීන්ත ආලේප කරන බුරුසුවේ ඇති දෝෂ නිසාද මේය ඇති වේ. රළු කෙඳි සහිත බුරුසු බාවිතය, බුරුසුවේ අග කෙඳි වල පැරණි තීන්ත බැඳී තිබීම මෙයට හේතුව වේ. (more…)
නිවසට වර්ණ තෝරන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.
නිවසට වර්ණ තෝරන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.
නිවසේ තීන්ත ආලේප කරන විට තිබෙන බැරෑරුම්ම කටයුත්ත තමයි නිවසේ කාමර වලට, එලියට, ඇතුලට, මුළුතැන්ගෙයට වර්ණ තෝරන එක. ලස්සන විතරක්ම නෙමෙයි වර්ණ වලින් කියවෙන දේවල් තවත් බොහෝමයක් තිබේනවා… එම නිසා වර්ණ තෝරන විට මේ දේවල් පිළිබඳත් අනිවාර්යෙන් සැලකිලිමත් වන්න. (more…)
ගෙදර paint කරන්න කලින් මේ දේවල් ගැනත් සැලකිලිමත් වන්න.
House Walls Painting. Young Caucasian Men Painting His Home. Construction and Renovation.
මුළු ගෙදරම තීන්ත ආලේප කරනවා කියන්නේ ඉතින් ටිකක් බැරෑරුම් කටයුත්තක් වගේම ටිකක් විනෝදජනක වැඩක්. ගාන පාට, පවිච්චි කරන තීන්ත වර්ගය මේ දේවල් ගැන වගේම තීන්ත ගාන්න කලින් කරන්න අවශ්‍ය වැදගත් දේවල් තව බොහෝමයක් තිබෙනවා.. අන්න ඒ දේවල් ගැන තමයි අපි අද ඔයාලට කියන්න යන්නේ.