තීන්ත ආලේපනයෙන් පසු මෙම දෝෂ දක්නට තිබේද ?
තීන්ත ආලේපනයෙන් පසු මෙම දෝෂ දක්නට තිබේද ?
1. තීන්ත පාරවල් හා බුරුසු පාරවල් තිබීම.
අවශ්‍ය ප්‍රමාණයට වඩා දියාරු කල තීන්ත ආලේප කිරීමෙන් මෙය ඇතිවිය හැක. මීට අමතරව තීන්ත ආලේප කරන බුරුසුවේ ඇති දෝෂ නිසාද මේය ඇති වේ. රළු කෙඳි සහිත බුරුසු බාවිතය, බුරුසුවේ අග කෙඳි වල පැරණි තීන්ත බැඳී තිබීම මෙයට හේතුව වේ.
2. පැරණි තීන්ත මතුවී පෙනීම
පැරණි තද පැහැති තීන්ත මත වෙනත් ලා වර්ණයක් ආලේප කිරීමේදී මෙය සිදුවේ. එම නිසා අළුත් තීන්ත වර්ණයක් ආලේප කිරීමේදී සුදු පාට ෆිලර් ආලේපයක් පැරණි තීන්ත මත ආලේප කිරීමෙන් පසුව අලුත් තීන්තය ආලේප කරන්න.
3. බිංදු හට ගැනීම
තින්ත ආලේප කල බිත්තියේ දුවිලි වැනි අපද්‍රව්‍ය තිබීම මෙයට හේතුවයි. එම නිසා තීන්ත ආලේපයට පෙර පෘෂ්ඨය හොඳින් සෝදා පිරිසිදු කොට පෘෂ්ඨය හොඳින් වියළීමේන් පසු තීන්ත ආලේප කරන්න.
4. තීන්ත සෙමින් වියළීම
තීන්ත ගානු ලැබූ පෘෂ්ඨය තෙත සහිත වීම, තෙල්, ග්‍රීස් වැනි අපද්‍රව්‍ය බිත්තියේ බැඳී තිබීම මෙයට හේතුවයි. එම නිසා තීන්ත ආලේපයට පෙර පෘෂ්ඨය හොඳින් පිරිසිදු කොට තීන්ත ආලේප කල යුතුය.
5. තීන්ත කැටිති සෑදීම හෝ රැලි ඇති වීම්.
පසුව ගානු ලැබූ තීන්ත පෘෂ්ඨය සීඝ්රයෙන් සංකෝචනය වීම, තීන්ත වල ද්‍රාවණය ඉක්මණින් වාෂ්පවීම්, තීන්ත යටි පෘෂ්ඨය සමග හොඳින් සම්බන්ද නොවීම් මෙයට හේතුවයි.. මෙය වැලි කඩදාසියකින් හෝ එමරි කඩදාසියකින් කපා දමා තීන්ත නැවත ආලේප කරන්න.